(ජේ.කේ.එල්.චාමින්ද)
බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයේ සිරමැදිරියක් තුල රදවා සිටියදි පැනගිය තවත් රැඳවියකු කහදූව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.
මත්කුඩු මිලිග්‍රැම් 100ක් සමඟ මොහු කහදූව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. එහිදි පොලිසිය විසින් මොහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි මොහු පැනගිය රැඳවියකු බව අනාවරණය කරගෙන තිබේ.
මොහු ගෙවල්බිදුම් ගණනාවකට සම්බන්ධ අයෙකු බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත. සිරමැදිරියෙන් පැනගිය පසුවද මොහු කහදූව ප්‍රදේශයේ නිවසක් බිඳ එම නිවසේ තිබූ රුපවාහිණි යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ සොරකම්කොට ඇති බව පොලිසිය කියයි.
මෙම රැඳවියාට විරුද්ධව අධිකරණයේ නඩු 21ක් පමණ තිබෙන බව පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.