(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනයාට යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් මිය ගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ගැනීමට අද(17) රහස් පොලිසියට අවසර ලැබිණි.
අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවශ්‍ය බව රහස් පොලිසිය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඊට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා දැනට රිමාන්ඩ් බාරයේ සිටින හමුදා සැකකරුවන් ලබන 31 දක්වා රිමාන්ඩ් කරන ලෙසද නියෝග කළේය.

