අධිකරණ පූජාසනය කෙළෙසන්න එපා


අධිකරණයේ උත්තරීතර භාවය තමා හැමවිටම ඉහළින්ම සලකන බවත් කිසිවකුත් එම පූජාසනය නොකෙළෙසිය යුතු බවත් මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ දී අද ප්‍රකාශ කෙළේය. වැරදි හා දූෂණ ක්‍රියාවන්හි යෙදෙන අයගේ තරාතිරම නොබලා, උසස්ම තැන සිට දඬුවම් කිරීම ඇරැඹූ බව ජනපති ප්‍රකාශ කෙළේය. උපාධිධාරී අභ්‍යාසලාභීන් පනස් දහසකට පත්වීම් දීමේ උළෙලේ දී ජනපති එසේ කීවේය.