පුත්තලම - ජුඩ් සමන්ත.
ආඩිගම - තිඹිරිගොල්ල, වන්නියාකුලිය වැවෙන් අල්ලන ලද බව කියන කිරි ඉබ්බන් 04 දෙනෙකු සහ ගල් ඉබ්බන් 08 දෙනෙකු ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මියගේ නියෝග අනුව විල්පත්තුව වනාන්තරයට මුදා හැර ඇත.
වෙන්නප්පුව ප්‍රද්‍ෙශයේ ඇති චීන අවන්හල් සඳහා ගෙන යාමට මෙම ඉබ්බන් අල්ලා ගත් බව සැකකරුවන් පවසා ඇති අතර සැකකරුවන් දෙදෙනාට රුපියල් 80,000 ක දඩ මුදලක් නියම කර ඇත.
පල්ලම පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.




