මනෝප‍්‍රිය ගුණසේකර
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන නවතා දමා ඇති අධිකරණ කටයුතු හෙට (20) යළි ආරම්භ කිරීම සදහා අධිකරණ සේවා කොමිෂන් සභාව චක‍්‍රලේඛණයක් මඟින් සියලුම විනිසුරුවරුන්ට උපදෙස් ලබාදී ඇත.
මහාධිකරණ, සිවිල් අභියාචන මහාධිකරණ, වාණිජ මහාධිකරණ, දිසා අධිකරණ, මහෙස්ත‍්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්ච සභා වලට බලපැවැත්වෙන පරිදි අදාළ චක‍්‍රලේඛනය මඟින් උපදෙස් ලබාදී ඇත.

