නිදහස ඉල්ලා ආහාර වර්ජනයේ නිරත සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (15) වැලිකඩ මැගසින් බන්ධනාගාරයට ගියේය.
පැයකට අධික කාලයක් රැඳවියන් සමග සාකච්ඡා කළ ඇමැතිවරයා පිටතට පැමිණ මාධ්‍ය හමුවේ පැවසූයේ මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මගින් සාකච්ඡා කර මේ වසර අවසන් වන්නට පෙර සහනයක් ලබාදීමට පොරොන්දු වන බවයි.
ඒ අනුව උපවාසය නතර කරන්නැයි රැඳවියන්ගෙන් ඉල්ලා සිටි බවත් එයට බොහෝ රැඳවියන් කැමැත්ත පළ කළ බවත් ඇමැතිවරයා පැවසීය.
දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියෝ 150 දෙනකු පමණ මේ වන විට උපවාසයට සම්බන්ධව සිටිති.





