අධික වේගයෙන් ගිය යතුරු පැදිය විදුලි කනුවේ වැදී ගිනිගනී


(වන්නි රොමේෂ් මධුෂංඛ)

යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ අරාලි කොඩ්ඩයිකාඩු රෝහල අසලදී ඊයේ (24) රාත්‍රිෙය්  යතුරු පැදියක් අණතුරට ලක්වීමෙන් පසුව යතුරු පැදිය තරුණයා සමගම ගිනිගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටී. 

යතුරු පැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් විදුලිකණුවේ ගැටීමෙන් පසුව ඇති වූ ඉන්ධන කාන්දුවෙන් යතුරුපැදියද ගිනිගෙන විනාශ වී මෙම අනතුර සිදුව ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටිති.