(ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (1) අලුයම කාලයේ පැවති අධික වැසිසහිත කාළගුණික තත්වය නිසා මස්කට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
මෙය මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරණ ගුවන් යානයයි.
අද අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට නියමිතව පැමිණියත් ඒ වනවිට ගුවන් තොටුපොළ අවට පැවති වැසි සහිත කාළගුණික තත්වය නිසා අලුයම 5.20 ට මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පියවර ගෙන තිබුණි .
මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A - 320 එයා බස් වර්ගයේ එකක් වූ අතර ඒ වනවිට එහි මගීන් 130 ක් සිටි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.
මෙම යානය අද (6) උදෑසන 6.47 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීම සිදු කර තිබුණි .