(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉන්දියාවේ ගෝවා නැවි තටාකාංගනයේ නිෂ්පාදනය කරන ලද දෙවැනි අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නීරීක්ෂණය නෞකාව අද (26) කොළඹ වරායට සේන්දුවිය.
මෙම නෞකාව නාවික හමුදාව වෙත නිළ වශයෙන් බෙදා දීමේ උත්සවය ඉකුත් 23 වැනි දින ඉන්දියාවේ ගෝවා නැවි තටාකාංගනයේ දී පැවැත් වු බව නාවික හමුදාව කියයි.
මෙම නෞකාවේ අණදෙණ නිලධාරී වශයෙන් කපිතාන් සමන් පෙරේරා මහතා කටයුතු කරන අතර එහි නිලධාරීන් 18 දෙනකු සමග නාවිකයින් 100 සමන්විත විය.
කොළඹ වරයාට පැමණි නෞකාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුලූ පිරිස නාවික හමුදා සම්ප‍්‍රදානුකූලව පිළිගත්හ.
මෙම නෞකාව නුදුරේදීම ජනාධිපතිවරයා අතින් අධිකාරියට පත්කිරීමට නියමිතයි.