අධ්‍යාපනයට දෙනවා කිව්ව සීයට හය කෝ!


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධ්‍යාපනයට සීයට හයක් දෙනවා කියා බලයට පැමිණි ආණ්ඩුව අධ්‍යාපනයට ලබා දී ඇත්තේ සියයට දෙකක් පමණක් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිනී කවිරත්න මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය.

"අධ්‍යාපනයට සීයට හයක් දෙනවා කියන එකේ ප්‍රකාශිකාව ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය වගේම පෙළපාළි විරෝධතා පා ගමන් ගිය අය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ කතා කිරීමට ලැබීම ගැන සතුටුයි.2009 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කරන්න කියා මහාචාර්ය සුමනසිරි ලියනගේ කළ සංකේතීය ඉල්ලීම පදනම් කරගෙන 2012 වසරේදී පෙළපාලි ගියා. මාස ගණන් විශ්වවිද්‍යාල වසා දමා තිබුණා. එදා මෙදා තුර එම ඉල්ලීම වෙනුවෙන් විශ්වවිද්‍යාල දරුවන්ගේ සහ ආචාර්යවරුන්ගේ මිනිස් පැය දහස් ගණනින් මිලියන ගණනින් විනාශ කළා.එහෙම කිව්ව උදවිය ඔවුන්ගේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ සීයට දෙකයි.

2024 ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් අධ්‍යාපනයට ක්ෂේත්‍රයේ සියයට අසුවක් පමණ දෙනා ඡන්දය දුන්නේ සියයට හයක ප්‍රතිශතය ලබාගෙන අධ්‍යාපනයේ ගැටලු විසඳා ගැනීම සඳහායි යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.