අධ්‍යාපනයට නව පනතක්


(නිමල කොඩිතුවක්කු)
අධ්‍යාපනය වෙනුවෙන් නව පනතක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(04) පැවසීය.

අධ්‍යාපනයේ පවතින සියලූම ගැටලූ වලට මෙම නව පනතින් විසඳුම් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ පේරාදෙණිය ජාතික අධ්‍යාපන පීඨයේ පැවති ළගම පාසල හොඳම පාසල වැඩසටහනේ දෙවන අදියර යටතේ පාසල් ගොඩනැගිලි 250ක් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවයට එක්වෙමිනි.

නවින දැනුම සහ රැකියා වෙළඳපොළට ගැලපෙන නව දරුපරපුරක් බිහිකිරිම ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙල ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
head-