(නිමල කොඩිතුවක්කු)
හිටපු සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පත්කළ අතුරුපාලක මණ්ඩලය මගින් 2012 වසරේ පමණක් අධ්‍යාපන සමූපකාරයේ රුපියල් මිලියන 2000ක් පමණ අවභාවිත කර ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
මේ හේතුවෙන් එම අතුරුපාලක මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඒ මහතා කියයි.
2012 වසර සදහා වන විගණන වාර්තාව පසුගිය ඔක්තෝබර් 29 වැනි දා අධ්‍යාපන සමූපකාරයේ මහ සභාවට ඉදිරිපත් කළ බවත් විගණනයට බාධා කිරිම සහ මුල්‍ය වාර්තා නොමැති වීම හේතුවෙන් සෙසු වසරවල විගණන වාර්තා පවා ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද(12)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

