අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සමිති චෝදනාව බොරුවක්



(නිමල කොඩිතුවක්කු)
        
සුදුසුකම් නැති අයට දේශපාලන පත්වීම් හා උසස් වීම් ලබා දී ඇති බවට අධ්‍යාපන පරිපාලන සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවත් නව පත්විම් හා උසස්වීම් සඳහා සකස් කර ඇති ලැයිස්තුවල එවැනි එක් අයකු හෝ නොමැති බවත් ජාතික අධ්‍යාපන සේවක සංගමයේ කැඳවුම්කරු ප‍්‍රියන්ත පත්බේරිය මහතා පැවසීය.


විධිමත් කමිටු මගින්  නිර්දේශ සිදුකර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම ලැයිස්තු සකස් කර ඇති බවත් ඔහු කියා සිටියේය.     


පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද (6) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පත්බේරිය මහතා ම් බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ජාතික අධ්‍යාපන සේවක සංගමයේ කැඳවුම්කරු ප‍්‍රියන්ත පත්බේරිය මහතා මෙසේ ද කීවේය.


‘‘පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට වෘත්තීය සමිති 16ක් එක්ව විරෝධතාවයක් සංවිධානය කරලා තිබුණා. දේශපාලන පලිගැනීම් මුවාවෙන්  විශාල පිරිසකට අධ්‍යාපන පද්ධතියේ උසස්වීම් ලබා දෙනවා යනුවෙන් මේ අය අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනාවක් කලා.


තම මතය  ඉදිරිපත් කිරීමටත්, වෘත්තීය  ක‍්‍රියාමාර්ග ගැනීමටත් වෘත්තීය සමිතියකට අයිතිය තියෙනවා. වත්මන් රජය එම නිදහස තහවුරු කරලා තියෙනවා. 


නමුත් සමහර ජාතික පාසල්,  පළාත් අධ්‍යාපන කාර්යාල ඇතුළු ආයතන වසා දැමීමටත්  දරුවන්ට පාසල් එන්න එපා කියලත් යම් යම්  පිරිස් උපදෙස් දීලා තියෙනවා. මේ රටේ අධ්‍යාපනය, දරුවන් එක්ක ගනුදෙනු බේර ගන්නේ නැතුව තමන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ග  ගන්න ඒ අයට තිබුණා.


දරුවන්ට පාසල් එන්න එපා කියන්න, පාසල් වසා දමන්න කියලා  නියෝග දෙන්න වෘත්තිය සමිතියකට හැකියාවක් නැහැ.  එන්. ජී.  ඕ නඩවලින්  යැපෙන බෝඩ් ලෑලි  වලට පමණක් සීමා වෙච්ච වෘත්තීය සමිති වලට පුළුවන් කමක් නැහැ. මේ පාසල් පද්ධතිය අකර්මන්‍ය කරන්න.


එදා  වැඩ වර්ජනය සියයට 98ක් අසාර්තකයි කියලා අපි පැහැදිලිව  කියනවා. සමහර  පලාත් පාසල් කිහිපයක  ඇරෙන්න අධ්‍යාපන කටයුතු වෙනදා වගේම සිදු කෙරුණා.