අධ්‍යාපන පරිපාලන නිලධරයෝ ලෙඩ නිවාඩු දමති



 
(පුෂ්පකුමාර ජයරත්න)


පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම් වලට ලක්වුවන් බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියා මාර්ගයකට විරෝධය පළකරමින් අද (23) දිවයිනේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරිමෙන් වැළකී සිටියහ.


දේශපාලන පළිගැනීම් වලට ලක්වුවන් බව පවසමින් අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ලබාදීමට නියමිත පිරිස 500 කට ආසන්න බව සඳහන් වේ.


මොවුන් අතර උපගුරුවරුන්,විදුහල්පතිවරු,ගුරු උපදේශකවරුන් සිටින බව පැවසේ.


ඔවුන්ගේ බහුතරය අසත්‍ය තොරතුරු මවා පාමින් සිටින කිසිදු දේශපාලන පළිගැනීම් වලට ලක්වුවන් නොවන බවද, එසේ උසස්වීම් ලබාදුන හොත් නියමිත සුදුසුකම් සපුරා ඇති තමන්ට වඩා ඉහළින් සිටිම බරපතල වරදක් වන බැවින් මෙසේ අසනීප නිවාඩු දමා බරපතල වරදක් වන බැවින් මෙසේ අසනීප නිවාඩු ඊට විරෝධය පළකරන බවද ඔවුහු පැවසුහ.