අධ්‍යාපන චාරිකාවට ගිය සිසුවා දියේ ගිලී මරුට


(රංජිත් රාජපක්ෂ)

අධ්‍යාපන චාරිකාවක් පැමිණ කොත්මලේ රම්බොඩ ඇල්ල අසල වළක දිය නෑමට ගිය සිසුවෙක්  ගිලී මියගොස් ඇතැයි  කොත්මලේ පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ කොළඹ වේල්ලවීදියේ   පදිංචිව සිටි අවුසුල් ඉන්සාබි නැමැති සිසුවෙකි. පාසල්  සිසුන් හතලිස්දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මීට දින තුනකට පෙර  නුවරඑළිය  ප‍්‍රදේශයේ සංචාරයක පැමිණ ආපසු කොළඹ බලා යන අතරතුර රම්බොඩ ඇල්ල ප‍්‍රදේශයේ දිය නෑමට ගොස් මෙම අනතුරට ලක් වී ඇත.