(චන්ද්‍ර සේන ගමගේ)
ගාල්ල මහින්ද විද්‍යාලයේ සිට හම්බන්තොට ප්‍රදේශය දක්වා පැමිණි අධ්‍යාපන චාරිකාවක් පැමිණි බසයක් අම්බලන්තොට දෙහිගහලන්ද මහා විද්‍යාලය ඉදිරිපිටදී තවත් බස් රථයක ගැටීමෙන් පාසැල් බස් රථයේ ගමන් කරමින් සිටි සිසුන් 15 දෙනකු ඇතුළු 20 දෙනකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලට ඇතුළු කර තිබේ.
තුවාල ලැබු පිරිස අතර ගුරුවරු තිදෙනෙක් හා දෙමාපියෝ දෙදෙනෙක් ද සිටිති.
අම්බලන්තොට දෙහිගලලන්ද විද්‍යාලය ඉදිරිපිට ඇති බස් නැවතුමේ නවතා මගීන් ගෙන ඉදිරියට ඇදුණු ලංගම බස්රථයේ පසුපස මෙම පාසැල් බස් රථය වැදී තිබුණු අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ඉදිරියට ඇදුනු ලංගම බස් රථය හදිසියේම නැවතීම නිසා මෙම අනතුර සිදු වූ බව පොලිසිය සඳහන් කරයි.




