(ඩයනා උදයංගනී)
ගුරු මාරු ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන්නට යාමේදී ඊට එරෙහිව දරුවන් උසි ගන්වන ගුරුවරුන්ට එරෙහිව අමාත්‍යාංශ මට්ටමින් දැඩි විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
වසර ගණනාවක් තිස්සේ ක‍්‍රියාත්මක නොවී පැවති ගුරු මාරු වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා තමන් නායකත්වය දී ඇති බව කී අමාත්‍යවරයා ඇතැම් පාසල්වල ගුරුවරුන් පාසල් දරුවන් ද උසි ගන්වමින් මාරුවීම්වලට එරෙහිව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද කීය.
පවතින ප‍්‍රතිපත්තීන්ට අනුකූලව ඉදිරියේදී වසර පහෙන් පහට ගුරු මාරු ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණයක් සකස් කරන බව ද කී අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ විහාර මහා දේවී විද්‍යාලයේදී අද (16) පැවති උත්සවයක් අමතමිනි.

