නිමල කොඩිතුවක්කු
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ සහ ඉම්රාන් මහරුෆ් යන මහත්වරුන් පත් කර තිබේ.
අමාත්‍යාංශවල කටයුතු සහ මහජන සේවා වඩාත් කාර්‍යක්ෂම කිරීමේ අරමුණින් අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත්කිරීමට රජය ගත් තීරණය අනුව මෙම නව පත්කිරීම සිදුකර ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරයකු ලෙස පත් කළ ඉම්රාන් මහරුෆ් මහතා අද (05) දිනයේ සිය තනතුරේ වැඩ බාර ගනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.