අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්


(රංජන් කස්තුරි)

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස බලකරමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති 17ක් ඒකාබද්ධව බත්තරමුල්ල ඉසුරුපායහි පිහිටි අධ්‍යපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (19) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ.

වසර 24කට අධික කාලයක් තිස්සේ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට බලපාන වැටුප් විෂමතාවය ඉවත් කිරීමට කිසිදු ආණ්ඩුවක් නිසි පියවරක් නොගත් බවට චෝදනා කරමින් ගුරුවරු හා විදුහල්පතිවරු එම උද්ඝෝෂණයේ නිරත වූහ.

ගුරු හා විදුහල්පති සංගම්වලට අයත් නියෝජිතයින් අද පෙරවරු 10.30ට පමණ බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිටට රැස් වී එම උද්ඝෝෂණය ආරම්භ කළහ.

බී.සී පෙරේරා වැටුප් විෂමතාවට උත්තර කෝ, අපටහිමි වැටුප් දෙනතුරු වර්ජනයේ, ආදී වැකි ලියූ බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ඔවුහු එම වර්ජනයේ නිරත වූහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)