(ජයන්ත සමරකෝන්)
වෘත්තීය ගැටලු 31 ක් සඳහා විසඳුම් ඉල්ලා අධ්‍යාපන, අනධ්‍යයන සේවකයින් මෙම 26,27 යන දිනයන්හි අසනීප නිවාඩු වාර්තා කර රාජකාරි කටයුතු වලින් ඉවත්විමට තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා අද (22) පැවසීය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික හා පළාත් සභා කාර්යාල , පුස්තකාල, විද්‍යාගාර, රසායනාගාර,තාක්ෂණ පීඨ මුර, රාජකාරීන් ඇතුළු සියලුම හදිසි හා අත්‍යවශ සේවාවන් අඩපන බවද ඔහු කීය.
ජාතික පාසල් 362 පළාත් සභා පාසල් 10600, ගුරු විද්‍යාල 17 හා විද්‍යා පීෆ 19 කට අයත් වෘත්තීන් 25 ක නිරතවන 30,000 ක් පමණ සේවකයින් මේ අතර වන බවද හෙතෙම සඳහන් කළේය.

