අධ්‍යක්ෂකවරයා කළ පහරදීමට සිසුන් විරෝධතාවක


(චතුරංග සදරැස්ගම)

අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට එම ආයතනයේ අධ්‍යක්ෂකවරයා අමානුෂික ලෙස පහර දීමට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් පිරිසක් අද (4) අනුරාධපුර නගරයේ දී උද්ඝෝෂණයක් කළහ.

“මේ වන විට අපේ සහෝදර සිසුවෙකුට අධ්‍යක්ෂකවරයා පහර දීමෙන් එම සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.  මෙසේ ශිෂ්‍යයන් මර්ධනය කිරීම සදහා පාලන අධිකාරිය ගන්නා මේ උත්සහය අපි හෙළා දකිනවා.“ යයි අන්තර් විශ්වවිද්‍යාල විද්‍යා ආයතනයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු හර්ෂ කුමාර මාධ්‍ය හමුවේ පැවසීය.

අනුරාධපුර මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහානාම මහතා පැවසුවේ එහි පාලන අධ්‍යක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවත් ය.