අධ්‍යක්ෂ ජනරාල්ගේ පුටුව පෙරළේ


විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.සුහයිර් වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලයෙන් ඉවත් කරනු ලැබ සිටී.

මෙගා ටෙලි නළුවක් නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 700ක් ඔහු විසින් අනුමත කරන ලදැයි කියන සිද්ධියක් දැන ගන්නට ඇත.

ඔහුගෙන් හිස්වූ පුරප්පාඩුවට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු බව කියන සුනිල් එස්.සිරිසේන මහතා පත්කර ඇත.

සුහයිර් එම තනතුරට ගිය වසරේ පත්කෙරුණේ ගිය රජයෙනි.

අධ්‍යක්ෂ ජනරාල් ඒ සම්බන්ධයෙන් මෙසේ කියයි.

‘විදුලි සංදේශ නියාමන කොමිසම නිසි පටිපාටියකින් තොරව සිනමා පටයක් සඳහා මුදල් දීම ගැන පළවන පුවත් සාවද්‍යය. විදුලි සංදේශ පනතේ 73 වැනි වගන්තියට අනුව විදුලි සංදේශ යන වචනය අර්ථ දැක්වීමේදී එයට ටෙලි නාට්‍ය හා සිනමාවද ඇතුළත් වේ. අදාළ චිත්‍රපටයට අනුමැතිය දී ඇත්තේ එම වැඩසටහනේ අදාළ ක්‍රියාපටිපාටීන්ට අනුගත වෙමිනි. මෙහි ප්‍රතිලාභයන්ගන් 100% අයිතියද කොමිසම සතුය. සමාගම සතු සමාජ වගකීම් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන කොමිසමට ලබාදී ඇති ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී ඇත. ඒ අනුව ටෙලි නාට්‍ය සඳහා රුපියල් මිලියන  7.9 ක්ද චිත්‍රපටයකට රුපියල් මිලියන 63 ක්ද අනුමත කර ඇත‘