(දිමුතු සඳරුවන්)
ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල විවෘත කිරීම අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරෝත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (12) ප්‍රකාශ කළේය.
පළමු අදියර යටතේ මැයි මස 04 වැනිදා විශ්ව විද්‍යාල විවෘත කරනු ලබන්නේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සඳහා පමණක් බව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.
සියලුම විශ්ව විද්‍යාල වල අවසන් වසර සිසුන් සඳහා මැයි මස 11 වැනිදා විශ්ව විද්‍යාල විවෘත කරනු ලැබේ.
තුන්වන අදියර යටතේ මැයි මස 18 වැනිදා සියලුම විශ්ව විද්‍යාල සිසුන් සඳහා විශ්ව විද්‍යාල විවෘත කරන බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.


