අද්මිරාල් ආනන්ද ගුරුගේට ප්‍රකාශයක් දෙන්නැයි නියෝග


මනෝප්‍රිය ගුණසේකර
 
තරුණයන් 10 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ රියත් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතාට රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියම කළාය.

සිද්ධියට අදාල පරික්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙසට සැකකරුවන්ගේ නිතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයට පත් කර සිටින සැකකරුවන් දෙදෙනා ලබන මස 3 වැනි දා දක්වා රිමාන්ඩ් කැරිණි.