(ඩයනා උදයංගනී)
නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද (26) සහ හෙට (27) දෙදින තුළත් ගිගුරුම් සහිත තද වැසි හා සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාවක් අපේක්‍ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
සෙසු පළාත්වල ද සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය. දිවයින හරහා පැයට කිලෝමීටර 50ක පමණ වේගවත් තද සුළං හැමිය හැකි අතර වැසි සහිත අවස්ථාවලදී එම සුළං තවත් වේගවත් විය හැකි බව ද එම ප‍්‍රකාශකයා පැවසීය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. දිවයින වටා මුහුදු ප‍්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

