මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී මා ලබාගත් ලකුණු 145 ඉතා සොඳුරු මතකයක්
1995 තරග සංචාරය ආරම්භයේ සිටම අපේ කණ්ඩායමට බොහෝ එදිරිවාදිකම් සිදුවුණා. පර්ත්හිදී පැවැති තරගයේදී කිසිදු හේතුවක් නොමැතිව පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් අපිට චෝදනා කළා. කී‍්‍රඩාංගනයේ හතරේ සීමාව ආසන්න ප‍්‍රදේශයේ සහ පැති තණ තීරු ඉතා රළු ස්වභාවයක් ගත් නිසා පන්දුව කඩතොළු වූවත් ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ අපේ කී‍්‍රඩකයන්ට. ඊළඟට මෙල්බර්න්හිදී මුරලිට පන්දුව දමා ගසන බවට චෝදනා කළා. ඒ ඕස්ටේ‍්‍රලියා සංචාරය අප කී‍්‍රඩා දිවියේ අමිහිරි අත්දැකීම් රැුසකට මුහුණ පෑ එකක් බවට පෙරැළුණා.
|
|
බටහිර ඉන්දීය කණ්ඩායමේ කී‍්‍රඩා විලාසය හමුවේ මගේ දස්කම් උරගා බැලීමට අවස්ථාවක් ලැබුණි නම් හොඳයි යැයි විටෙක මට සිතෙනවා. මා කිසිදිනෙක බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ටෙස්ට් තරග කී‍්‍රඩා කර නැහැ.
බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ මොරටුවේදී (1993 දී) පැවැති එකම ටෙස්ට් තරගයට පවා කී‍්‍රඩා කිරීමට මට නොහැකි වූයේ ඒ වන විට මා ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටි නිසායි. නමුත් ඔවුන් සමඟ පැවැති එක්දින තරග බොහෝ ගණනකට තරග කිරීමට මට අවස්ථාව ලැබුණා.
කොළඹ ඕවල් පිටියේදී වසීම් බාරිට පන්දු විසි කළා මට තවමත් මතකයි.
සාමාන්‍ය පේ‍්‍රක්‍ෂකයන්ට කිසිදු තහංචි බාධක නොතිබූ ඒ කාලයේදී ඉම්රාන් ඛාන් සහ ජාවෙඞ් මියැන්ඩාඞ් කී‍්‍රඩා කළ පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩල කණ්ඩායම තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණි අවස්ථාවකදීයි එහෙම කළේ.
මා තරග බිමට පිවිසි මුල් කාලයේදී (1986) ඉම්රාන් හා ජාවෙඞ් ඇතුළු පාකිස්තාන කණ්ඩායමට එරෙහිව තරග කිරීමටත් අවස්ථාව ලැබුණා. පන්දු විසි කරමින් සිටි මට ඉතා කෙටි කලකින් එම කී‍්‍රඩකයන් හා තරග කිරීමට අවස්ථාවක් ලැබුණා.
මා අගය කරන විශිෂ්ට චරිතයක් මහේල
මා ඔහු දකින්නේ දක්ෂ කී‍්‍රඩකයෙක්, නායකයෙක් මෙන්ම ඊටත් වඩා ශ්‍රේෂ්ඨ මිනිසකු ලෙසයි. ඇතැම් විට ශ්‍රේෂ්ඨ නායකයන් සහ දක්ෂ කී‍්‍රඩකයන් ඔබට හමු වූවත් ඔවුන් මිනිසුන් හා සබඳතා පවත්වද්දී එසේ නොවන වග ප‍්‍රකට වී ඇති අවස්ථා එමටයි. ඒ නිසා යහපත් මිනිසකු රටට දායාද කරවීම ගැන මහේලගේ මාපියන්ට ස්තුතිවන්ත විය යුතුයි.
පළමු ශතකය ලබා ගන්නා විට මට වයස අවුරුදු 10කි.
ඉසිපතන විද්‍යාලය නියෝජනය කරමින් මා සමඟ එම තරගයට කී‍්‍රඩා කළ හෂාන් තිලකරත්නට ද ශතකයක් වාර්තා කිරීමට හැකි වුණා. වයස අවුරුදු හතේදී හෂානුත් මමත් කි‍්‍රකට් කී‍්‍රඩාවට පිවිසුණා..
ශක්තිමත් නායකත්වයක් යටතේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඉදිරියට ගමන් කළේ නම් එය ණය බරින් පීඩිත ආයතනයක් වෙන්නේ නැහැ. ලෝක කුසලාන තරගාවලියක් පවත්වා මුදල් අහිමි කරගත් එකම රට වන්නේත් ශී‍්‍ර ලංකාවයි. ලෝක කුසලන තරගාවලියෙන් බංග්ලාදේශය පවා මුදල් උපයා ගැනීමට සමත් වුණා.
ලෝක කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල අප සිටින්නේ පළමු කණ්ඩායම් දෙක හෝ තුන ඇතුළත නොවෙයි. අප තවමත් සිටින්නේ මැද ස්ථානයක. දැඩි දේශපාලනීකරණය සෑම දෙයක් කෙරෙහිම බලපා තිබෙනවා.
1996 ලෝක කුසලාන අවසන් තරගයේදී සිදු වූ සෑමදෙයක්ම මට තවමත් මතකයි.
එය අපට කී‍්‍රඩාශීලීත්වයෙන් පිරිපුන් තරගාවලියක්ම වුණා. ඬේමියන් ෆ්ලෙමින් එවූ, මා මුහුණ දුන් පළමු පන්දුව පිත්තේ ඇතුළත දාරයේ වැදී හතරේ සීමාවට ඇදීගිය අවස්ථාවේ සිට මා දැවී ගිය අවසන් පන්දුව දක්වා සිදු වූ සියල්ලක්ම මට මතකයි. වේලාසනින්ම කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීම පිළිබඳව මා පසුතැවෙන්නේ නැහැ. ඕස්ටේ‍්‍රලියාව තුළ නිසි ලෙස ස්ථාවරවීමට මට ඒ කාලය ඉවහල් වුණා. මම අනෙක් අය තරම් මුදල් ඉපැයුව නැති කෙනෙක් බව යමෙකුට කියන්න පුළුවන්. ඒත් සල්ලි කියන්නේ ජීවිතයේ එතරම් වැදගත් දෙයක් නොවෙයි.
බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ අප ලත් පළමු ජය (1989 දී) මට තවමත් මතකයි.
විව් රිචඞ්ස්ගේ නායකත්වයෙන් යුතු වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ (කර්ට්ලි) ඇම්බ්‍රෝස්, (මැල්කම්) මාර්ෂල්, (ඉයන්) බිෂොප් යන සුපිරි කී‍්‍රඩකයන් ද සිටියා. එමෙන්ම ඩෙස්මන්ඞ් හේන්ස් සහ රිචී රිචඞ්සන්ද සිටියා. ඒ තරගයේදී මම ලකුණු 60 ක් ලබා ගනිමින් තරගයේ වීරයා බවට පත් වුණා. එහිදී කොදෙව්වන් සමඟ උරෙනුර ගැටී සටන් කළ හැකි බව මා අවබෝධ කර ගත්තා.
දැන් අර්ජුන හා මම කුළුපග මිතුරන් වූවත් අපි දෙන්නා එකිනෙකාගේ මුහුණ නොබැලූ කාලයක් ද තිබුණා. එකල කි‍්‍රකට් පාලක මණ්ඩලය මා බොහොම අපහසුතාවයන්ට පත් කළා. තවදුරටත් මම ශී‍්‍ර ලංකා කණ්ඩායමට කී‍්‍රඩා නොකරන බවට තීරණය කළ මොහොත තවමත් මට මතකයි. සියල්ලටම තිත තැබිය යුතු බව තීරණය කිරීමෙන් පසු මා ඕස්ටේ‍්‍රලියාවට පැමිණියා.
බොක්සිං දින ටෙස්ට් තරගයේදී මුරලි පන්දුව දමාගසන බවට නම්කරන ලද අවස්ථාවේදී මා කී‍්‍රඩා කරමින් සිටියේ එක්ට‍්‍රා කවර් ස්ථානයේ.
අපි මුලදි හිතුවේ මුරලි පන්දු යැවීමේදී සීමාව ඉක්මවා පාදය තැබීම නිසා ඔහු නිපන්දු යවන බවට නම්කළ බවයි. නමුත් අපිට පසුව වැටහුණා කාරණය ඒක නොවන වග.
මේක නිසා ලොකු ප‍්‍රශ්නයක් ඇති වෙන්න යනවා කියලා අයෙක් මට කීවා. එය අපට පමණක් නෙවෙයි සමස්ත ලෝකයේම කි‍්‍රකට්වලට බලපාන කරුණක් වුණා. එකල අපි සමඟිසම්පන්න කණ්ඩායමක් විදිහට කටයුතු කළා. කිසිවකුටත් අපව අනිසි ලෙස පාලනය කරන්න අපි ඉඩ දුන්නේ නැහැ.
|
1996 ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ පිල සමග තරගයේදී |
මම මුලින්ම ශී‍්‍ර ලංකා කණ්ඩායමට සම්බන්ධ වූණේ කඩුලූ රකින්නකු ලෙසයි.
මා පන්දු යවන්නකු ලෙස විශිෂ්ට දස්කම් දැක්වූවකු නොවූ නිසා තවත් අතිරේක දස්කමක් මා තුළ සැඟවී තිබෙන බවට මා සැමවිටම දැන සිටියා. මට ජාතික කණ්ඩායමට ඉතා ඉක්මනින් එක් වීමට ඒකත් හේතුවක් වුණා.
අනෙකුත් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයන්ට වඩා මගේ මානසික ඒකාග‍්‍රතාව ඉතා ඉහළ මට්ටමක තිබුණා. ලෝක කි‍්‍රකට් ඉතිහාසයේ ඉතා සෙමින්ම ලබාගත් දෙවැනි හෝ තුන්වැනි ටෙස්ට් ශතකය මවිසින් ලබා ගත් අවස්ථාව මෙහිදී මා මතකයට නැඟෙනවා. ඒ ශතකය ලබා ගැනීමට විනාඩි 540 කට ආසන්න කාලයක් වැය කර තිබුණා. නමුත් තරග රටාවන් වෙනස්වීම්වලට බඳුන්ව ඇති වත්මන් වටපිටාව තුළ කිසිවකුටත් එය රුචි නොවනු ඇති බව මා සිතනවා.
1996 ලෝක කුසලාන ජයග‍්‍රහණය රටට මෙතරම් වැදගත් බවට පත් වේ යැයි එකල මා සිතුවේ නැහැ.
එදා සිදු වූ දෙයින් රටට ලැබුණු දේ ගැන අවබෝධ වුණේ මා විශ‍්‍රාම ගිය පසුවයි. මම කී‍්‍රඩා කළේ රට වෙනුවෙන් සහ කී‍්‍රඩාවට ඇති ඉමහත් ලැදියාව නිසායි.
මට පරිපාලනයට යන්න අවශ්‍ය වුණේ නැහැ. මගේ හැකියාවන් හෝ අත්දැකීම් වෙනත් අයෙකුට දෙනවා මෙන් හැඟීමක් එවැන්නකට දායකවීමෙන් මට ලැබෙන්නේ නැහැ. එසේ වන්නේ පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම වැනි දේකින් පමණයි.
දැන් දැන් රටේ නොයෙක් ප‍්‍රදේශවල විසිරී සිටින දක්ෂ කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලට එක්විම නම් හොඳයි. ඒත් මට අසන්නට ලැබුණු ආකාරයට නම් එම කී‍්‍රඩකයන් තෝරා ගත් පසුවත්, ඉදිරි කටයුතු සඳහා ඔවුන් කොළඹට පැමිණිය යුතුයි. ඉන් හැඟවෙන්නේ අපි ගාල්ල, මාතර වැනි රටේ අනෙකුත් ප‍්‍රදේශවල ද තිබෙන පහසුකම් මීටත් වඩා ඉහළ මට්ටමක් දක්වා පුළුල් කළ යුතු බවයි.
1996 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ අපේ කණ්ඩායමේ පළමු පිතිකරුවන් හත්දෙනා කී‍්‍රඩා කර තිබූ එක්දින තරග සංඛ්‍යාව එකතු කළාම එය 1000 ඉක්මවා තිබුණා.
එය විශාල තරග සංඛ්‍යාවක්. අනෙක් කිසිදු එක්දින කණ්ඩායමක එවැනි අත්දැකීම් පිරිපුන් කී‍්‍රඩකයන් රැසක් සිටියේ නැහැ. ආරම්භක පිතිකරුවන් ලෙස සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ කටයුතු කළ අතර අංක තුන ස්ථානයේ සිට මම, අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, රොෂාන් මහනාම සහ හෂාන් තිලකරත්න කී‍්‍රඩා කළා. එය ඉතා සවිමත් ප‍්‍රහාරක බලඇණියක්.
අප අතුරින් දෙදෙනෙක් වත් සාර්ථක ලෙස පන්දුවට පහර දෙනු ඇති බවට අප සැමවිටම විශ්වාස කළා. අප සතුව සුපිරි පන්දු යවන්නන් පිරිසක් නොසිටි ඒ කාලයේ අර්ජුන භාවිතා කළ ශක්තිය එයයි. එවකට මුරලිට පමණක්ම තනිව කණ්ඩායමක් දවාගැනීම තරමක් අපහසු වුණා.
දැන් මා ඕස්ටේ‍්‍රලියානු පුරවැසියකු වූවත් මට මෙන්ම බිරිඳටත් අදත් හෙටත් නිවහන වන්නේ ශී‍්‍ර ලංකාවයි.
ඕස්ටේ‍්‍රලියාවේ ගත කළ මුල් වසර කිහිපය තුළ මා බෙහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. දැන් මා සිටින තත්ත්වයට පැමිණීමට බොහෝ කාලයක් ගත වුණා.

