(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද (30) දිනයේත් තද වැසි හා සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනයවී කොළඹ සිට කිලෝමීටර් 200 පමණ බස්නාහිර දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්ත වන බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
එසේ වුවත් අද දිනයේදීත් දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඇතම් ස්ථානවලට මිලි මීටර් 100-150 අතර ඉතා තද වැසි ඇති වන බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය. විශේෂයෙන් නිරිතදිග ප‍්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුළං ඇතිවන අතර දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප‍්‍රදේශද තවදුරටත් බලාපොරොත්තු වන බැවින් ධීවර හා නාවුක කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

