අදත් මරණ 21ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොරෝනා මරණ 21 අද වර්තා වෙයි. මෙයින් මරණ 20 මැයි 11  සහ 16 අතර කාලයේ වාර්තා වී ඇති අතර  21 වැනි මරණය  පෙබරවාරි හත් වැනි දා වාර්තා වුවකි. එම මරණය ප්‍රමාද වී වාර්තා වි ඇත.

මුළු මරණ සංඛ්‍යාව 962 දක්වා ඉහළ ගියේය.

ඒ අනුව ඉමදූවේ 65 හැවිරිදි පුද්ගලයෙක්,මුරුත්තගහමුල 72 හැවිරිදි පුද්ගලයෙක්,අනුරාධපුර 58 හැවිරිදි පුද්ගලයෙක්, මොරටුවේ 68 හැවිරිදි පුද්ගලයෙක්, මීරිගම 70 හැවිරිදි පුද්ගලයෙක්,ඉංගිරියේ 69 හැවිරිදි කාන්තාවක්,බුලත්සිංහල 72 හැවිරිදි පුද්ගලයෙක්, නෑබොඩ 60 පුද්ගලයෙක්, බදුල්ලේ 37 හැවිරිදි පුද්ගලයෙක්,ගෙලිඔය 60 හැවිරිදි පුද්ගලයෙක්,යාපනයේ 60 හැවිරිදි කාන්තාවක්,හඳපාන්ගොඩ 67 හැවිරදි පුද්ගලයෙක්,හබරාදූවේ 77 හැවිරිදි කාන්තවක්,ඇඹිලිපිටියේ 83 හැවිරිදි පුද්ගලයෙක්,නාකියාදෙණිය 52 හැවිරිද කාන්තාවක්,ගාල්ලේ 69 හැවිරිදි පුරුෂයෙක්,කඩවත 56 හැවිරදි පුද්ගලයෙක්,හාලිැඅළ 56 හැවිරිදි පුරුෂයෙක්,මහියාවේ 57 පුරුෂයෙක්,දකුණු කළුතර 75 කාන්තාවක්, ගාල්ලේ 81 කාන්තාවක් මියගිය අය අතර වෙති.