අද හෙට වහින බව කාලගුණයෙන් කියයි


(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (17) සහ හෙට (18) සවස් සහ රාත්‍රී කාලයේදී  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයක්ට මිලිමීටර 100 ඉක්මවූ වැසි හා වයඹ පළාතේ ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 75 ඉක්මවූ ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.


එම පළාත් හා දිස්ත්‍රික්කවල තාවකාලික තද සුළං සහ ප්‍රබල අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.