වේග සීමා පුවරු සවිකර ඇති මාර්ග 72ක අධික වේගයෙන් ධාවනය කරන රියදුරන් රුපියල් දහසක දඩ කොළයක් දෙන බවත් එය ප්‍රතික්ෂේප කළහොත් උසාවියේ නඩු පවරන බවත් පොලිසිය කියයි.
පසුගිය සමයේ සිදුවූ මාරක රිය අනතුරුවල සංඛ්‍යාව ඉහළ යාම මෙම තීරණයට හේතුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මාර්ගවල නිසි පරිදි වේග සීමා පුවරු සවි කරන තෙක් වේග සීමා නඩු පැවරීමක් සිදු නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණද මාර්ග 72ක වේග සීමා පුවරු සවිකර ඇති බැවින් එම මාර්ගවල නීති කඩන රියදුරන්ට දඩ කොළ ලබාදෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

