අද සිට පාස්පෝට් නව ක්‍රමයකට


විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම අද (10)  සිට නව ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන බව රජය පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ක්‍රමවේදය යටතේ ජෛවමිතික දත්ත ලෙස අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනිමට ද නියමිත බවයි.

ඒ අනුව වයස අවුරුදු 16 ට වැඩි සියළු විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හෝ ශාඛා කාර්යාල වලදී තම ඇඟිලි සලකුණු ලබාදිය යුතු වෙයි.

එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනිම සඳහා අද සිට මුද්‍රිත  ජායාරූප ලබාදිම අවශ්‍ය නොවන අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් දිවයිනේ ජායාරූපශාලා වලින් පමණක් ලබාගන්නා ජායාරූප අන්තර්ජාලය හරහා  තම දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බව  ආගමන හා විගමන කොමසාරිස් එම්.එන් රණසිංහ මහතා සඳහන් කළේය.