අද සිට දුම්රිය ධාවනය වන අයුරු


(ඩයනා උදයංගනී)

රජයේ ආයතනවල රාජකාරී කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර 104ක් ක්‍රියාත්මක කරවීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්ත‍ෙම්න්තුව පියවර ගෙන ඇත.

පළාත් අතර දුම්රිය ගමන් වාර 15ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර පාර්සල් ප්‍රවාහන, තැපැල් දුම්රිය හා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ධාවනය තවමත් ආරම්භ කර නොමැත.

දුම්රිය ගමන් වාර ප්‍රමාණය වැඩිකිරීමත් සමඟ අද (2) සිට දුම්රිය ධාවනය කෙරෙන ආකාරය ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සිය නිල ‍ෆේස්බුක් ගිණුමේ පළකර ඇති අතර එම කාලසටහන මෙසේය.

මගී අවශ්‍යතා අනුව ඉදිරියේදී මෙම දුම්රිය කාලසටහන යම් යම් සංශෝධනයන්ට ලක් විය හැකි බව ද දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.