බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ පිට්ටනියේ සංගීත සංදර්ශනයක් අතරතුර දී ගායක සමන් ද සිල්වාට පහර දුන්නැයි සැකපිට අද පොලිසියට භාර වූ දකුණු පළාත් සභා ඇමැති බිංදු වීරසිංහ බොරැල්ල පොලිසියේ දී ගායක සමන් ද සිල්වාගෙන් සමාව ගැනීමෙන් පසු දෙපාර්ශ්වය සාමාදාන වූ බව පොලිසිය කියයි.
සිංහල සිරිතට අනුව අචාර කළා හැර සමාව ගැනීමක් සිදු නොකළ බව පළාත් ඇමැති වීරසිංහ මහතා කියයි.

