
අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම සහ ඒ ආශ්‍රිත දිවයින ආසන්නයේ පහළ වායු ගෝලය කැලඹිල් ස්වභාවයක් වර්ධන විය හැකියාවක් පවතින බැවැන් අද සිට ඉදිරි දින කීපයේ දිවයිනේ වැසි තත්වයේ වැඩි විමක් බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දකුණ සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
සබරගමුව මධ්‍යම,ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකියි.

