අද රෑ සිට පෞද්ගලික බස් රථ වර්ජනයක්


පෞද්ගලික බස්  රථ සේවකයින්  අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ඇරැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා  පෞද්ගලික බස් සේවක සංගමය පවසයි.

ස්ථානීය දඩ  මුදල් වැඩි කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගිනිමින් ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

ලංකාව පුරාම මෙම බස් වර්ජනය ක්‍රියාත්මක වන බව සංගමය පවසයි.