අමල් වික්‍රමරත්න
දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසීය.
මෙම වර්ජනයට දුම්රිය නියාමකවරුන්ද සහයෝගය දක්වන බව ඔහු සදහන් කළේය.
කොන්ත්‍රාත් පදනමින් සේවය කරන දුම්රිය එන්ජින් රියදුරන්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට එරෙහිව මෙම වර්ජනය දියත් කරන බවත් හෙට දින විසදුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් දැඩි තීරණයක් ගන්නා බවත් ඉන්දික දොඩන්ගොඩ් මහතා පැවසීය.

