අද දිනයේදී කොරෝනා මරණ 5 ක්


කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් පස්දෙනකු අද (3) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

කොළඹ 12, කොළඹ 10 සහ කොළඹ 2 යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 89, 85, 71 සහ 78 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් සිවුදෙනෙක්ද, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්ද අද මිය ගිය අය අතර වෙති.  

මෙම මරණ 5 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 129 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍