(ඩයනා උදයංගනී)
ප්‍රදේශ කිහිපයකට අද (29) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියයි.
බස්නාහිර හා වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාරකිහිපයක් ඇතිවන අතර ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 40 පමණ දක්වා වැඩිවිය හැකි බව ද ඔහු පැවසීය.

