(ඩයනා උදයංගනී)
සබරගමුව පළාතේත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (3) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන අතර ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයාත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි ද ඔහු කීවේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
(ඩයනා උදයංගනී) සබරගමුව පළාතේත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (3) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන අතර ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයාත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි ද ඔහු කීවේය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

