අද ගෑස් සිලින්ඩර 82,909 ක් සූදානම්


(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම අද (23) විවිධ ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 82,909 ක් පාරිභෝගිකයන්ට සැපයීමට නියමිත බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

කිලෝ 12.5 ගෑස් සිලින්ඩර 60,304 ක්, කිලෝ 5 ගෑස් සිලින්ඩර 9,769 ක්, කිලෝ 2.5 ගෑස් සිලින්ඩර 10,244 ක් සහ කිලෝ 37.5 ගෑස් සිලින්ඩර 2,592 ක් ලෙස සිලින්ඩර බෙදාහැරීමට නියමිත බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. 

(ඡායාරූප: ශාන්ත රත්නායත)