
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27 වැනිදා) තහවුරු කරයි.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි හය දෙනෙක් වෙති.
මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 146 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.50 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 350 කි.



