අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 303 යි


කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (01 වැනිදා) තහවුරු කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 476 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස අතර කාන්තාවෝ දෙදෙනෙක් සහ පිරිමි තිදෙනෙක් වෙති.

මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 111 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.50 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

 



මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 303 කි.