
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
උතුරු සහ උතුරු මැද පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කියයි.

																	
																	
																	
																	
																	
																	