(ඩයනා උදයංගනී)
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවන අතර සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් තරමක තද සුළං ඇතිවන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ,උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 60 පමණ සුළං ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

