අද උදේ ලක්ෂයක් සිරිපා මළුවේ


මධ්‍යම කඳුකරයේ දකුණූ දෙස පිහිටි සමනල කන්දේ සිරිපා මළුවේ අද උදේ අඩු ගණනේ ලක්ෂයක් වන්දනාකරුවෝසුදු වතින් සැරැසි සීතලේ ගැහෙමින් තෙරපි තෙරපි සාධුකාර දෙමින් සිටියහ.බොහෝ දෙනාගේ ආසාව වුයේ ඉර සේවයද දැක ගැනීමයි.

මුහුදු මට්ටමේ සිට අඩි හත්දාස් තුන්සිය පනස් නවයක් උසින් පිහිටි  මළුවේ උෂ්නත්වය සෙල්සියස්අංශක 12 පමණ විය.

ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න ඌව විශ්ව විද්‍යාල කුලපති හිමියෝ අද උදෑසන 6 ට සමන් දෙවිදුන් වැඩම කරවා දේවාභරණ තැන්පත් කැර සිරිපතුල දෝවනය කිරීමෙන් පසු ප්‍රථම වන්දනාකරු ශ්‍රී පාදය වැඳ පුදා ගත්තේය.

එලි වන තුරා පැවැති මහ වැසි මැද  රත්නපුරේ පෙරහර රාත්‍රී 10 ටද හැටන් පැත්තේ පෙරහර අලුයම තුනට පමණ මහ මළුවට ළඟා විය.