මහකුඹුක්කඩවල හා පල්ලම ගම් ගනනාවක් මාසයක් තිස්සේ හොල්ලාගෙන සිටි වල් අලියා දින පහක මෙහෙයුමකින් පසුව අල්ලා වෙනත් කැලයකට රැගෙන යාමට නියමිතය. පොල් අක්කර 100 ක් පමණ මේ අලියා විසින් වනසන්නට ඇතැයි කියති.
අම්පාර බස් රථයකට යට වු දෙදරු පියෙක් මරුමුවට පත් විය.
කෑගල්ලේ කඨිනයකට එකතු කළ රුපියල් දෙලක්ෂයක මුදලක් සොරකම් කළැයි ඇබිත්තයෙකුට එරෙහිව පැමිණිල්ලක් කළ හිමි නමක් අපචාර චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීය.
කල්පිටිය උණ්ඩ 22 ක් සමග පෑන් පිස්තෝලයක් අත්අඩංගුවට ගනු ලැබීය.
මාතලේ මාස් මුල්ලේදී පොලිස් නිලධාරියෙකු හා ඔහුගේ බිරිද මරා දැමී යැයි සැකකරන කැටයම් චින්තක අත්අඩංගුවට පත් වී නැතැයිද, නිල්වලා ගගේ ඉවුරකින් හමුවු සිරුර ඔහුගේ නොවන බවත් වාර්ථා වී ඇත.