අතෙකින් නියඟ : අතෙකින් මහ වැස්ස


වාහන ධාවනය ඉහළ යාමෙන් පෙට්රල්  සහ ඩීසල්  දහනයෙන්  ශ්‍රී ලංකාවේ වායු ගෝලයට එකතු  වෙන  කාබන්ඩයොක්සයිඩ්  ප්‍රමාණය  වැඩි වීම  වායුගෝලීය උෂ්ණත්වය  ඉහළ යෑමට ප්‍රබල හේතුවක්  වී ඇති බව  පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ  භූ විද්‍යා  දෙපාර්තමේන්තුවේ  භූ ඉංජිනේරු  විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  උදේනි බණ්ඩාර අමරසිංහ  මහතා කියයි.

නියඟය හා අධික වැස්සටද එය හේතුවකියි ඔහු පවසයි.

කාබන්ඩයොක්සයිඩ්  වායුව ක්‍රමයෙන් වැඩිවන විට වසරකට වායු ගෝලයේ  උෂ්ණත්වය  සෙල්සියස් අංශක දෙකකින් පමණ වැඩි වන බව  විද්‍යාඥයින් තහවුරු කර ඇත.

එසේම වායු ගෝලයේ  උෂ්ණත්වය වැඩිවන විට වායුගෝලයේ හෞතික සමතුලිතතාවය බිඳ වැටෙන බව විද්‍යාඥයින් සොයාගෙන තිබේ.