ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන විහාරයේ දායකයන්ගේ සහභාගීත්වයෙන් 2013 ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීම සඳහා නිදහසේ අරුත නමින් සංස්කෘතික වැඩසටහනට සංවිධානය කැරිණි. ශ්‍රී ලංකාව දිනාගත් නිදහසේ අගය සිහිපත් කිරීම මෙම වැඩසටහනේ පරමාර්ථය බව අතුල දස්සන විහාරස්ථානය කියයි. නව වසරට සුභ පැතීම වෙනුවෙන්ද පින්කමක් පැවැත්විණි. විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති එම පින්කමට ලාංකිකයෝ රැුසක්ම ආහ.












