යුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන මෙන් ජනාධිපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියත් මෙතෙක් විසඳුම් ලැබී නැතැයි අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව කියයි.
යුද සමයේ හා පශ්චාත් යුද සමයේ අතුරුදන් වූවන් 19,000කට අධික පිරිසක් සිටින බවත් අතුරුදන් වූවන්ගේ ඥාතීන් ඔවුන් පැමිණෙන තෙක් බලාසිටින බවත් එම එකතුවේ සභාපති බීට්‍රෝ ප්‍රනාන්දු මහතා පැවසීය.

