
(ඉන්දිකා රාමනායක, ළහිරු හර්ෂන සහ එච් එම් ධර්මපාල)
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටියදී මීට මාස 8 ට පමණ පෙර අතුරුදන්ව සිටි නිල් මාල ගිරවා නැවත හමු වු බව සත්වෝද්‍යාන පවසයි.
කළුබෝවිල ප්‍රදේශයේ යුවළක් මෙම ගිරවා ඊයේ (26) සත්වෝද්‍යාන වෙත බාර දී ඇත.
එම ගිරවා මීට මාස කිහිපයක පෙර කළුබෝවිල පිහිටි නිවසට එකවර පියාඹා පැමිණි බවත්ල කිසිදු හිමිකරුවෙක් ගිරවා සොයා නොපැමිණීම නිසා කළුබෝවිල නිවසේ දී මේ දක්වා ගිරවා ඇති දැඩි කර ඇති බවද සත්වෝද්‍යාන ප්‍රකාශයයෙක් පැවසීය.
ගිරවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරවීම නිසා නිවසේ සිටින්නෙ සත්වෝද්‍යානයේ අතුරුදන්ව සිටින නිල් ගිරවා බවට සැකකර නිවසේ යුවළ ගිරවා සත්වෝද්‍යානය වෙත බාර දුන් බවද එම ප්‍රකාශකයා කියයි.
මෙම ගිරවා නැති වු නිල් පිරිමි ගිරවා බවට හදුනාගෙන ඇත.
ගිරවා ලැබීමත් සමග සත්වෝද්‍යානය ඒ සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය දැනුවත් කිරීමෙන් පසු දෙහිවල පොලිසිය එම ස්ථානයට පැමිණ අදාල යුවළගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ද ලබාගත් බව පොලිසිය පවසයි.
මේ අතර ඉකුත් සැත්සැම්බර් මස දිනක සත්වෝද්‍යාන කූඩුව හරන අවස්ථාවේ ඉන් පියාඹා ගොස් සිටි නිල් මැකෝ වර්ගයේ ගිරවියෙකු ද ඊයේ :26* රත්මලාන ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගෙන ඇත.


